කිඹුලාඇලේ ගුණා හා පූක්කුඩු කන්නා යන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සබදතා පැවැත්වූ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 1 හි නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව වැල්ලවත්ත ක්රවුන්විලා නිවාස සංකීර්ණය ඉදිරිපිටදී වැටලීම සිදු කළා. වත්තල පදිංචිකරුවකු වන 33 හැවිරිදි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ෂණවලදී අනාවරණය වූයේ පූක්කුඩුකන්නා හා කිඹුලාඇලේ ගුණා සංවිධානාත්මක අපරාධකරුවන් සමග සැකකරු සබදතා පවත්වා ඇති බවයි. සැකකරු වැඩිදුර විමර්ශන සදහා වැල්ලවත්ත පොලිස්ථානය වෙත භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළේ.