කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින පෙරවරුවේ පින්නවල සතුන් උද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ්‍රීතව පවතින ගැටළු සම්බන්ධව එම ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කළේය.
එහිදී එම ව්‍යාපාරික ප්‍රජාව විසින් එම කලාපය ආශ්‍රීතව ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරකම් පිලිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
එම යෝජනාවලියේ පළමු යෝජනාව වන්නේ පින්නවල සතුන් උද්‍යානය හා ඇත් අතුරු සෙවන නයිට් සෆාරි උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමයි.
දැනට මෙම කලාපයේ කටයුතු පස්වරු 05 පමණ වන විට අවසන් වන නිසා ව්‍යාපාරික කටයුතු අඩාල වීම මගින් රජයට දෛනිකව විශාල මුදලක් අහිමි වන බවද මෙම ව්‍යපාරික ප්‍රජාව පෙන්වා දුන්නේය.
මෙම කාරණය සම්බන්ධව නෛතික බලපෑමක් ඇත් දැයි අමාත්‍යවරයා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීය.
ඒ සඳහා නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අතර ඒ අනුව එම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය..