රුසියා හමුදාවට එක්වන විදේශිකයින්ට පුරවැසිභාවය ලබාදීමට සූදානම් බව එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා.
හමුදා සේවයේ වසරක කාලයක් සේවය කිරීමට ඉදිරිපත් වන ඕනෑම විදේශිකයෙකුට රුසියා පුරවැසිභාවය ලබාදීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඊට අදාළ විශේෂ නිවේදනයට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම හමුදා සේවය පැහැරහරින , නීතිවිරෝධී ලෙස හැරයන හමුදා සාමාජිකයින්ට වසර 10 ක සිර දඬුවමක් ද රුසියා ජනාධිපතිවරයා නියමකර තිබෙනවා.