නෝරු සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
නෝරු සුළි කුණාටුව තුන්වන මට්ටමේ සුළි කුණාටුවක් ලෙස පලිපීනයට ඇතුළුවිය හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. පිලිපීනයේ වෙරළ ප්‍රදේශවල සිටින ජනතාව කඩිනමින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. නෝරු සුළි කුණාටුව පැයට කිලෝමීටර් 195 ක වේගයෙන් පිලිපීනයේ ලුසෝන් දිවයිනට ඇතුළුවිය හැකි බවටයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. පිලිපීනයට මෙම වසරේ දී බලපාන ප්‍රබලම සුළි කුණාටුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.