උපන් දිනය සැමරීම සඳහා මිතුරන් දෙදෙනෙකු සමඟ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පයාගල පොලිසිය සඳහන් කරනවා.
18 හැවිරිදි මෙම පාසල් ශිෂ්‍යයා පයාගල ප්‍රදේශයේ ගල්වැටියක් අසල දිය නාමින් සිටියදී එකවරම රළ පහරට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා. ඒ අසල සිටි පුද්ගලයෙකු මුහුදට පැන රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි අනෙක් සිසුන් දෙදෙනාගේ දිවි බේරා ගැනීමට සමත් වුණා.