මස්කෙලිය වැවිලි සමාගමේ නිෂ්පාදිත තේ කුඩු තේ වෙන්දේසිය සඳහා යැවීමට වතු වෘත්තීය සමිති එකඟත්වය පළකළා.
වතු කම්කරුවන්ට රජය වැඩි කළ රුපියල් 1000 ක වැටුප ගෙවීමට වතු සමාගම එකඟ වුණා. මේ අනුව මස්කෙළිය වැවිලි සමාගමට අයත් මස්කෙලිය , තලවකැලේ සහ බදුල්ල යන ප්රදේශවල පිහිටි තේ වතුවල වෘත්තීය සමිති දින ගණනාවක ක්රියාත්මක කළ වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කෙරුණා.වතු කම්කරුවන්ට රුපියල් දහසක දිනක වැටුප ලබාදීම මෙම සමාගම වසර දෙකක් පුරා නොගෙවා සිටියා.දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුවයි එය ලබාදීමට එකඟවී තිබෙන්නේ.