විෂ සහිත ත්‍රිපෝෂ බෙදා හැර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා චෝදනා කළා. අද පැවති මාධ්‍ය හමුවකදී ත්‍රිපෝෂ සමාගමේ සභාපති දිප්ත කුලරත්න මහතා කියා සිටියේ මෙම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් කළ චෝදනාව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි පවතින බවයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/jq6mQFY1WyY”]