සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් තමන් දැඩි ප්රසාදය පල කරන බව යුක්රේන රජය ප්රකාශ කර තිබෙනවා.
සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන යටතේ රුසියා හමුදා භාරයේ සිටි යුක්රේන ජාතිකයන් 200 කට වැඩි පිරිසක් ආපසු යුක්රේනයට පැමිණියා. මරියුපෝල් ඇතුළු ප්රදේශ කිහිපයකදී අත්අඩංගුවට පත් වූ පිරිසකුයි මෙලෙස ආපසු යුක්රේනය බලා පැමිණියේ.
රුසියා හමුදාවලට අයත් සෙබලුන් කණ්ඩායමක්ද ආපසු මොස්කව් පාලය වෙත භාරදීමට යුක්රේනය කටයුතු කළා. යුක්රේන යුද්ධය ආරම්භවීමෙන් පසු සිදු වූ විශාලතම සිරකරු හුවමාරුව මෙයයි.