තරුණ තරුණියන් නාවික ක්ෂේත්රයේ රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා වැඩිවශයෙන් ආරම්භ කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නාවික විශ්වවිද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතනවල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම උපදෙස් ලබා දුන්නේ නාවික විශ්වවිද්‍යාල සහ අදාළ ආයතන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි. අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී මෙරට නාවිකයන් සංඛ්‍යාව සහ රැකියා අවස්ථා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
නුපුහුණු නාවිකයන් පුහුණු කිරීමට වරායේ ටග් යාත්‍රාවල සේවයේ යෙදවීමට මෙහිදී තීරණය කෙරුණා. විදේශ නෞකාවල රැකියා හා පුහුණු අවස්ථා ලබා ගැනීම, විදේශ නැව් සමාගම් මගින් රැකියා හා පුහුණු අවස්ථා ලබා ගැනීමද අරමුණයි. වාර්ෂිකව නාවිකයන් අටදහසක් පමණ වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ ගිවිසුම් අත්සන් කර නෞකාවල සේවයේ යෙදෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.