fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේදී හින්දි භාෂාව හැදෑරීම සඳහා සිසුන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 14:56

ඉන්දියාවේදී හින්දි භාෂාව හැදෑරීම සඳහා සිසුන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකුට ඉන්දියාවේදී හින්දි භාෂාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

මෙම පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරයි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඉන්දියාවට ගුවන් ටිකට්පත්, කේන්ද්‍රීය හින්දි සංස්ථාන් හෝ අග්‍රාහි හින්දි මධ්‍යස්ථානයේ වසරක පාඨමාලාවක් හැදෑරීම සඳහා අධ්‍යයන ගාස්තු සහ නවාතැන් පහසුකම් ඉන්දීය රජය විසින් ලබා දේ. මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ශිෂ්‍යත්වලාභීන් පිරිස
ඉන්දියාවට පිටත්ව යාමට පෙර 2022 සැප්තැම්බර් 14 වන දින ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය. මෙහිදී එතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහස්‍ර වර්ෂ ගණනාවක් පුරා පවතින සංස්කෘතික, භාෂාමය, සාහිත්‍යමය සහ ආගමික බැඳීම් ශක්තිමත් කිරීමෙහි ලා හින්දි භාෂාව සහ සාහිත්‍යයේ භූමිකාව අවධාරණය කළ අතර ඉන්දියානු සංචාරය සඳහා සුබ පැතුම් ද එක් කළේය.
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය විදේශ භාෂා අතරින් එකක් වන හින්දි භාෂාව දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් සහ විශ්ව විද්‍යාල ඇතුළු ආයතන 80ක පමණ උගන්වනු ලබයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්