fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරක් නිසා ෆ්ලොරීඩාහි අධිවේගී මාර්ගයක් සම්පූර්ණයෙන් වසා දැමේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 14:50

රිය අනතුරක් නිසා ෆ්ලොරීඩාහි අධිවේගී මාර්ගයක් සම්පූර්ණයෙන් වසා දැමේ

බියර් පිරවූ කන්ටේනරයක් තවත් වාහන කිහිපයක ගැටීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාහි අධිවේගී මාර්ගයක් සම්පූර්ණයෙන් වසා දැමීමට සිදු වුණා.

අධිවේගී මාර්ගය පුරා බියර් කෑන් සහ පෙට්ටි විසිරී තිබෙන ආකාර දැකගැනීමට ලැබුණා. මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මෙම අධිවේගී මාර්ගය ෆ්ලොරීඩාහි කාර්යබහුලතම මාර්ගයක් වනවා.

බියර් පිර වූ කන්ටේනර් රථයේ පැවති දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. වාහන 05 කට සිද්ධියෙන් හානි සිදු වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 14:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්