fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF ගිවිසුම ගැන කැබිනට්ටුව දැනුවත් කර නැහැ – ජනපති දැනුම් දුන් දේ කතානායක කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 12:44

IMF ගිවිසුම ගැන කැබිනට්ටුව දැනුවත් කර නැහැ – ජනපති දැනුම් දුන් දේ කතානායක කියයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබද මෙතෙක් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර නැති බව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා.

අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද මෙතෙක් දැනුවත් කර නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි කතානායකවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගෙන ඇති මෙම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු වනවා. කෙසේ වෙතත් ඒ පිළිබද මෙතෙක් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර නොමැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.

මේ අතර ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් නැමති විෂ රසායනිකය අඩංගු බවට එල්ල වන චෝදනාව පිළිබදව ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2022 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්