ඉරානය තුළ බලධාරීන්ට විරෝධය පාමින් තවදුරටත් උද්ඝෝෂණ ව්‍යාපාර පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පොලිස් භාරයේ සිටියදී කාන්තාවක මරණයට පත්වීමෙන් පසුවයි මෙම උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වී ඇත්තේ. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් තුලදී පුද්ගලයන් 04 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් තිබෙනවා.
නොගැලපෙන ඇදුමක් ඇද සිටීමේ චෝදනා යටතේ 22 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මිය ගොස් තිබුණා. මෙම උද්ඝෝෂණ ව්‍යාපාර ඉරානය පුරා නගර 50 ක පමණ ක්‍රියාත්මක වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. පවතින තත්ත්වය සමග අන්තර්ජාල සබදතා අත්හිටුවීමට ද බලධාරීන් කටයුතු කළා.