fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ පක්ෂ තනතුරු අහෝසි කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 19:43

සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ පක්ෂ තනතුරු අහෝසි කරයි

වත්මන් රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් අමාත්‍ය ධුර ලබාගැනීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ඔවුන් දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කරන්නේ.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර හා චාමර සම්පත් දසනායක යන මහත්වරුන් සම්බන්ධයෙන් එම තීරණය ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 19:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්