fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමට යළිත් මහජන සහාය පතයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 19:29

පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමට යළිත් මහජන සහාය පතයි

ජුලි 09 වනදා ජාතික රූපවාහිනීයට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපලවලට හානි සිදු  කළ සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපලවලට හානි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා කුරුදුවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළ විමර්ශනවලදී ලබාගත් වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන අනාවරණය කරගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත අන්‍යන්‍යතාවයන් තහවුරු කර ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවයි පොලීසිය පවසන්නේ.

ඡායාරූපවල දැක්වෙන පුද්ගලයන් පිලිබද යම් තොරතුරක් වෙතොත්  0718591588 දරණ අංකයට වට්ස්ඇප් මගින් දැනුම් දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2022 19:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්