පෝටො රීකෝ හා ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයන්ට බලපා ඇති පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පියෝනා සුළි කුණාටුව ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍යයට පැයට කිලෝමීටර් 185 ක ප්‍රබලත්වයෙන් බලපා තිබෙනවා.
එම සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ ප්‍රබලත්වයකින් ඩොමිනිකන් රාජයයට බලපා ඇති අතර මෙතෙක් එරටට බලපෑ ප්‍රබලත්වයෙන් දෙවන සුළි කුණාටුව මෙය ලෙසයි සැලකෙන්නේ.
එරට මිනිස් ජීවිත 7 ක් පියෝනා සුළි කුණාටුව බිලිගෙන තිබෙනවා. මේ අතර පියෝනා සුළි කුණාටුව හේතුවෙන් පෝටො රීකෝ රාජ්‍යයේ සියයට 80 ට පමණ විදුලි බලය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් 4 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැයට කිලෝමීටර් 185 ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව සමග ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.