පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වයත් සමග ජලය ආශ්‍රිතව බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යන බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
පාකිස්තානය මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ එරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමකට මුහුණ දී සිටිනවා.
පසුගිය පැය 24 තුළදී පමණක් ආමාශය ආශ්රිත රෝග, පාචනය හා මැලේරියාව හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජලය ආශ්‍රිතව බෝවන රෝග වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගිනිකොනදිග සින්ද් පළාතෙන්.
පසුගිය ජුලි මාසයේ සිට මේ දක්වා එම පළාතෙන් ජලය ආශ්රිත බෝවන රෝග හේතුවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 300 කට අධිකයි.
සින්ද් පළාතෙන් පාචන රෝගීන් 137,000 ට අධික සංඛ්‍යාවක් අතීසාර රෝගීන් 10,000 ට අධික සංඛ්‍යාවක් හා මැලේරියා රෝගීන් 4,000 ට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
පසුගිය කාලයේ දී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් එරටට සිදුවූ හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 40 කට අධික වන අතර තවමත් පුද්ගලයින් ලක්ෂ 5 ට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.
එමෙන්ම ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 1,600 කට ආසන්නයි.