බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහමාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) දක්වාවැඩි විය හැක.
මුහුදේ ස්වභාවය: කන්කසන්තුරය සිට පුත්තලම,කොළඹ ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-09-21 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 33 | 25 | 95 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 32 | 25 | 85 | 65 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 31 | 27 | 85 | 75 | වැසි ස්වල්පයක් |
ගාල්ල | 30 | 27 | 90 | 80 | වැසි ස්වල්පයක් |
යාපනය | 32 | 27 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 30 | 21 | 95 | 70 | වැසි ස්වල්පයක් |
නුවරඑළිය | 20 | 14 | 95 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 32 | 23 | 95 | 70 | වැසි ස්වල්පයක් |
ත්‍රිකුණාමලය | 35 | 25 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 30 | 26 | 90 | 80 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |