ජාත්‍යන්තර ණය හිමියන් තුළ ශ්‍රී ලංකාව පිළිබද විශ්වාසයක් සහතික කිරීමෙන් අපට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාගත හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම සහ කීර්තිමත් ආදිශිෂ්‍ය ජාලය වන පස්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ආදිශිෂ්‍ය සංගමය සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා. මෙරට පිරිවැටුම් උපාය මාර්ග හා ජාත්‍යන්තර ප්‍රජාවේ කාර්යභාරය යන මාතෘකාව යන තේමාවෙන් පැවති සාකච්ඡාවේ පැවැත්වුණේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කථිකාචාර්යවරුන්, විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ යොනෙක්, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ. ජෙකෝබ් යන මහත්වරුන් මෙන්ම ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සුකී කොමරෝ මහතා ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/g67_XPFgbqc”]