ආසියානු දැල් පන්දු ශූරියන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තිළිණ ප්රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.
දැල්පන්දු ආසියා කුසලානය දිනා ගත් ජාතික කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන දෙක බැගින් ලබාදීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ චෙක්පත් ක්‍රීඩිකාවන් වෙත ලබාදීමට ජනාධිපතිතුමා ක්‍රියා කළා. පොදු රාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම්ලාභියෙකුට රුපියල් මිලියන 10 ක් හා ලෝකඩ පදක්කම්ලාභියෙකුට මිලියන පහක් ලබාදීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. තවද පසුගිය කාලයේ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් වාර්තා පළ වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න මහතා හා ශ්‍රී ලංකා කිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකා ඩොලර් ලක්ෂ පහක මුදලක් එම රෝහලට ලබාදීමද මීට සමගාමීව සිදු කෙරුණා. ඊට අදාළ චෙක්පත ෂම්මි සිල්වා මහතා ජනාධිපතිතුමා වෙත ලබා දුන්නා. එම අවස්ථාවට අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.