ශ්‍රී ලංකාවේ මැණිකේ ගැන යළිත් ජාත්‍යන්තරයේ කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.
ඒ තෑන්ස් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ ඇතුළත්, ශ්‍රී ලාංකිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය අන්තර්ජාලයට අද මුදා හැරීමත් සමගයි.
මැණිකේ මගේ හිතේ ගීතය තුළින් මෙරට පමණක් නොව ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් යොහානි ද සිල්වා සමගින් ජබින් නවුටියල් හා සූර්ය රාජරත්නම් මෙම ගීතය ගායනා කරනවා. මෙම ගීතයේ සංගීතය සදහා මෙරට යොවුන් සංගීතඥයෙකු වන චමත් සංගීත් ද එක්ව සිටීම විශේෂත්වයක්. තෑන්ස්ගෝඩ් චිත්‍රපටය සදහා බොලිවුඩ් සුපිරි නළු අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙන්ම නෝරා ෆටේහි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා.
මෙම ගීතය මැණිකේ ලෙසයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. මැණිකේ මගේ හිතේ ගීතයේ තනුවට හින්දි බසින් ලියවුණු පද මාලාවක් අන්තර්ගත ගතකර ඇති අතර එහි හින්දි අනුවාදනය යොහානි ගායනා කරනවා. ටී සීරිස් ලේබලය යටතේ මෙම ගීතය අද අන්තර්ජාලයට මුදාහැරුණා. එය අන්තර්ජාලයට මුදා හැර පැයක් තුළ නැරඹුම්වාර මිලියනය පසුකර යාම විශේෂත්වයක්. තෑන්ක් ගෝඩ් චිත්‍රපටය ඔක්තෝම්බර් මස 25 වනදා තිරගත වීමට නියමිතයි.