ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්නයන්ගේ 50 වසරක ඇසිදිසි මාධ්‍ය චාරිකාව ඊයේ පස්වරුවේ ජනගත කෙරුණා. ඒ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයී.
දිගුකාලීන මාධ්‍ය අත්දැකීම් අලලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්නයන් ඇසැදිසි මාධ්‍ය චාරිකාව ග්‍රන්ථය රචනා කර තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්රයෙහි පුළුල් දැනුමක් මතු පරපුරට ලබා ගත හැකි හා රූපවාහිනී සේවය මෙරට ස්ථාපිත වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඇසි දිසි මාධ්‍ය චාරිකා රොස්මන්ඩ් සේනාරත්න ග්‍රන්ථය තුළින් පාඨකයාට ලබා ගත හැකියි.
ග්‍රන්ථයේ මුල්පිටපත සරසවි ප්‍රකාශකයෝ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න මහතාට පිළිගැන්වීමෙන් අනතුරුවයි ග්‍රන්ථය ජනගත කෙරුණේ. පැමිණි සිටි සියලු ආරාධිතයන් වෙත ග්‍රන්ථය තිළිණයක් ලෙසින් පිලිගැන්වීම විශේෂත්වයක්.
තම කුසලතාවෙන් සහ යහපත් අන්‍යෝන්‍ය සබඳතාවෙන් මෙරට රූපවාහිනී කළමනාකරණයෙහි ඉහළටම පැමිණි පුද්ගලයකු ලෙස රොස්මන්ඩ් සේනාරත්න මහතා හැඳින්විය හැකි බව මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළා.