රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොදම නළුවා සම්මාන ද්විත්වය ප්‍රථම වරට හිමිකර ගැනීමට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන කලාකරුවන් සමත් වුණා.
චිත්‍රපටයේ නිෂ්පාදක බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය ලබා ගත් අතර ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට ළගා වුණා. මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන්නේ රවීන්ද්‍ර ගුරුගේ සහ එච් ඩී ප්‍රේමසිරි යන දෙදෙනායි.