අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.
මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර්මාන්තශාලාවේ මහාපරිමාන ඩීසල් වංචාවක් සම්බන්ධයෙන් එහි සභාපති රේනුක පෙරේරා මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් කළා.
2021 වසරේ සිට මෙම ඉන්ධන වංචාව සිදුව ඇති බවත් ඩීසල් ලීටර් 45,000 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ඉන්ධනහල්වලට විකුණා ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් සභාපතිවරයා හෙළි කළා.
මෙම වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගන්නා බව එහි සභාපති රේනුක පෙරේරා මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා.
මෙම ඉන්ධන වංචාව මෙම වර්ෂයේත් සිදුව ඇද්දැයි යන්න පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.