මන්නාරමේ සිට කොළඹ බලා ගමන් ඇරඹූ ලංගම බස් රථයක තිබී රුපියල් ලක්ෂ 25 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැණුනා.
තලේමන්නාරමේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම බස් රථය මන්නාරම පාලම අසලදී 54 වන සේනාංකයට අයත් බුද්ධි හා කාලතුවක්කු බල ඇණි, බටපිරිස්වල සෝදිසියකට ලක්කෙරුණා.
එහිදී රථයේ ගමන් මලු බහාලනයේ සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සොයාගැණුනු අතර එය පාර්සල් දෙකක් ලෙස අසුරා තිබුණා.
කිසියම් ජාවාරම්කරුවෙකු මෙම මත්ද්‍රව්‍ය කොළඹට රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර බස් රථයේ එය සැගවූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා හමුදා භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා මන්නාරම පොලීසිය වෙත භාරකෙරුණා.