ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ චීන සහ ආසියානු සංවර්ධන බැංකුව අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ශ්රී ලංකාවේ චීන තානාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්යක්ෂ ජනරාල් කෙනෙචි යොකොයාමා අතරයි මෙම සාකච්ඡා පවත්වා ඇත්තේ.
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය මේ බව දැනුම් දී තිබෙනවා.
මෙම සාකච්ඡා සඳහා ශ්රී ලංකාවේ මෙහෙයුම් අධ්යක්ෂ චෙං චෙං ද එක්ව ඇති බවයි චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවුඩයේ සදහන් කර ඇත්තේ.