ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර තිබෙනවා.
අලුතින් ආරම්භ කිරීමට යෝජිත ජාතික සභාව පිලිබද යෝජනාව ලබන 20 වන දිනට අදාළ පාර්ලිමේන්තු න්‍යාය පුස්කය හා සම්බන්ධ පරිපූරකයට මේ වනවිට ඇතුළත් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය දැනුම් දෙන්නේ.
මෙම කාරක සභාවේ සභාපතිත්වය හිමිවන්නේ කතානායකවරයාටයි. අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සෙසු සාමාජික පිරිසට ඇතුළත්.
එමෙන්ම දේශපාලන පක්ෂවල නායකයින් තීරණය කරන මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 9 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවක් මීට ඇතුළත් කිරීමටයි යෝජනා කර ඇත්තේ.