පාසල් දරුවන් ලක්ෂ 18 කට පෝෂ්‍යදායී බත්වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශ පියවර ගනිමින් සිටිනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේයි මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන්නේ.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම මෙන්ම ආහාර හිගවීම පාසල් දරුවන්ගේ පෝෂණයට බලපෑම් එල්ල කර තිබෙනවා.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇමෙරිකා ඩොලර් මිලියන 27 ක් ප්‍රාථමික පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙලකට ලබාදීමට එකඟතාව පළ කළා.
ඒ අනුව කෘෂිකර්ම, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව පෝෂ්‍යදායී දිවා ආහාරවේලක් සිසුන්ට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ පිලිබඳ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.