ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ වෙළෙදසැලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තෙලන්ගානා ප්‍රාන්තයේ සෙකන්දරාබාද් ප්‍රදේශයේ යතුරුපැදි අලෙවිසැලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. පසුව ගින්න එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයන් වෙතද පැතිර ගොස් ඇති බවද පොලීසිය පවසනවා. ගින්න හටගත් අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 25 දෙනෙකු පමණ රැදී සිටි ඇති බව මාධ්‍ය සදහන් කරනවා. පුද්ගලයින් මියයාමට හේතුව විෂ දුම් ආග්‍රහනය වීම බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ගින්නෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද සදහන්.