කුමාර තිරිමාදුර සහ සරත් කොතලාව රුසියාවේ දී හොඳම නළුවන් වෙයි
Related Articles
අපේ රට ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසකට මේ වන විට උරුමකම් කියමින් සිටිනවා. මේ අතර රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මාන ද්විත්වයක් ද හිමි කර ගැනීමට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු සමත් වුණා. ඒ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන ආදරණීය කලාකරුවන්.
ද නිව්ස් පේපර් චිත්‍රපටයේ දැක්වූ රංග ප්‍රතිභාව අගය කරමිනුයි මේ කලාකරුවන් දෙදෙනාට හොඳම නළුවා ද්විත්ව සම්මානය පිරිනැමුණේ. ද නිව්ස් පේපර් අපේ රටේ සිනමාවට එක් වූ වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගත් හරි අපූරු චිත්‍රපටයක්. කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල සම අධ්‍යක්ෂණයෙන් සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වු මෙම චිත්‍රපටය මීට පෙර සම්මාන උළෙල රැසකදීම ජයකෙහෙලි නංවා ශ්‍රී ලාංකේය අභිමානය ලෝකය හමුවේ ප්‍රකට කිරීමට මේ චිත්‍රපටය සමත් වුණා. ඒ අතරයි ඊයේ දවසේ දී රුසියාවේ පැවැත්වුණු කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා ද්විත්ව සම්මානය කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනාට හිමි වුණේ. චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සම්මානය භාරගත් අතර එළඹෙන 15 වන දා එය රැගෙන දිවයින වෙත ලගා වීමට නියමිතයි.
ද නිව්ස් පේපර් චිත්‍රපටය මීට පෙර එංගලන්තයේ පැවැත්වුණු 23 වන රේන්බෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිකර ගත්තා. එමෙන්ම ඉන්දියාවේ බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ආසියානු චිත්‍රපටයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ද නිව්ස් පේපර් සමත් වුණා. ඇමරිකාවේ පැවැති සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන අටකට නිර්දේශ වෙමින් ඉන් සම්මන පහක්ම හිමි කර ගැනිමට එම නිර්මාණය සමත් වීම විශේෂත්වයක්. එහි දී හොඳම නළුවා ලෙස සරත් කොතලාවලත්, හොඳම සහය නළුවා ලෙස කුමාර තිරිමාදුරත් සම්මානයට පාත්‍ර වූ අතර හොඳම වෘතාන්ත චිත්‍රපටය ලෙසින් සම්මාන දිනාගත්තේ ද ද නිව්ස් පේපර් චිත්‍රපටයයි. හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි කර ගැනීමට ද මෙම විශිෂ්ඨ නිර්මාණය සමත් වුණා.
දෙස් විදෙස් සුවහසක් ප්‍රෙක්ෂකයන්ගේ හදවත් දිනා ගත් විශිෂ්ඨ රංගන ශිල්පීන් දෙදෙනෙකු ලෙස කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හදුන්වාදිය හැකියි. ස්වාධීන රූපවාහිනියේ එදා මෙදා තුර විකාශය වූ ටෙලිනාට්‍ය රැසකට ඔවුන් දෙදෙනාගේ විශිෂ්ඨ රංගන දායක්තවය ලැබී තිබෙනවා. ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ සිහිනි ටෙලි නාට්‍යයට මෙම රංගන ශිල්පීන් දෙදෙනාම එකවර තම දායක්වය ලබා දුන්නා. මෙරට කලාවේ අභිමානය ලෝකය කරා රැගෙන යන මෙම ආදරණීය රංගන ශිල්පීන් දෙපළට ස්වාධීන රූපවාහිනී සේවයේ ද උණුසුම් සුබ පැතුම් මෙලෙස ගෙන එන්නෙමු.