ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන USAID සභාපති සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ මේ වන විට ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා යා USAID සභාපතිනිය අතර නිල සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. මෙම සාකච්ඡාව සදහා ඇමරිකා තානාපති ජූලි චංග් සහ යූඑස්එයිඩ් මාණ්ඩලික ප්‍රධානී සොනාලි කෝර්ඩේ ද එක්ව සිටිනවා. සමන්තා පවර් මහත්මිය ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණියේ දෙදින නිල සංචාරයක් සදහායි.