යෝජිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පාර් ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහ හිටපු විදුලිබල අමාත්‍යවරුන්ගේ අදහස් ලබා ගැනීමට එම කමිටු සාමාජිකයන් සමග හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුව්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.
එම අවස්ථාව සඳහා හිටපු කතානායක කරු ජයසුරිය මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන් පිරිසක් ලිඛිත යෝජනා ලබා දුන් අතර, වර්තමානයේ පාර් ලිමේන්තුව නියෝජනය කරන සහ නියෝජනය කරපු මහජන නියෝජිතයන් පැමිණ සහ ලිඛිතව අදහස් සහ යෝජනා ලබා දුන් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.