එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා පකිස්ථානය වෙනුවෙන් ලෝකයේ සියලු රටවල්වලින් ආධාර ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථාන විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය රබ්බානි කාර් ඉස්ලාමාබාද්හි ඊයේ දිනයේදී හමුවුණා. ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන 33 කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වූ පාකිස්ථානයට දැවැන්ත ලෙස ගෝලීය සහයෝගය ලබා දෙන ලෙස මහලේකම්වරයා මෙහිදී සියලු රටවල්වෙත ආයාචනයක් සිදු කර තිබෙනවා. පාකිස්ථානයට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 160 ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා. මාස ගණනක් පුරා පාකිස්ථානයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 1400 ක්.