ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ ඇමෙරිකා නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
සමන්තා පවර් ලබන 10 වන සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බව ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. ඇය දින දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතයි. ඇයගේ සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වෙන බව ඇමෙරිකා තානාපති කාර්යාලය පවසනවා.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි එම තානාපති කාර්යාලය සදහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරයා ඊයේ සදහන් කිරීමෙන් අනතුරුවයි සමන්තා පවර්ගේ සංචාරය පිළිබද නිවේදනය කෙරුණේ.