පවුල් 300 ක පානීය ජල අවශ්‍යතාව සපුරන වාරියපොල තඹරව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.
වකුගඩු ආශ්රිත රෝගවලින් පීඩාවට පත් කෙරුණු වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරඹරව ග්‍රාමනිලධාරී වසමේ පවුල් 300 කට පානීය ජල පහසුකම සපුරාලන මෙම පානීය ජල ව්‍යපෘතියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා නාවික හමුදාවේ තාක්ෂණික ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණා.
නිධා පදනම ද ඊට පූර්ණ දායකත්වය ලබාදීමටයි කටයුතු කෙරුණේ. මෙම ජල ව්‍යාපෘතියෙන් දිනකට ලීටර් 10,000 ක පිරිපහදු කළ ජලය ජනතාවට ලබාදීම සිදු වනවා. වාරියපොල ශ්‍රී විශුද්ධාරාම විහාරාධිකාරී පූජ්‍ය වඩුගෙදර සාරානන්ද ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිසක් ජල ව්‍යාපෘතිය ජනතා අයිතයට පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.