බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරැජින වෛද්‍ය අධීක්ෂණය යටතේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේ සිටින බව බකින්හැම් මාලිගය නිවේදනය කරනවා.
96 වන වියේ පසුවන දෙවන එලිසබත් මහරැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව අද සන්ධ්‍යාවේදී බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා. චාල්ස් කුමරු, කැමිලා පාකර්, විලියම්,හැරී කුමරුන් ඇතුළු රජ පවුලේ සාමාජිකයන් 7 දෙනෙකු මේ වන විට ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් ගුවන්තොටුපලට පැමිණි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
මහරැජින වෛද්‍ය අධීක්ෂණයේ පසුවුවද ඇයගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව බකිම්හැම් මාලිගය නිවේදනය කරනවා. කෙසේ වුවද බකිම්හැම් මාලිගය රැජින පිළිබද මෙවැනි නිවේදනයක් නිකුත් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ.