2012 වසරේ දී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවූයේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම එවකට හිටපු වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා තිබෙනවා.
එහි අධිචෝදනා පත්‍ර භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ සිදු වුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් රුපියල් විසිපන්දහස බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.