ආසියා ශූරතා දැල්පන්දු තරගාවලියේ අපරාජිතව ඉදිරියට යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමග පැවති තරගයද හැට හතට හතළිස් නවයක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ආසියා ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතරයි.