පසුගිය ජුනි 09 වනදා අධිකරණ නියෝග කඩ කරමින් කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයේදී පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුගේ මුහුණට කෙලගැසූ බව කියන අරගලකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 09 වනදා දක්වායි.
කුමන පුද්ගලයෙකුට හෝ කෙල ගැසීමට නොහැකි බවයි ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා කියා සිටියේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුඛේ රුක්ෂාන් සේනාධීර යන අයයි.