fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2022 10:54

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම්ව පවතින්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ.

1946 මහාමාන්‍ය ඩී එස්. සේනානායකයන්ගේ නායකත්වයෙන් බිහි වූ එක්සත් ජාතික පක්ෂය 1947 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබුවේ එවකට පැවැති වාමාංශික පක්ෂ වෙනුවට විකල්ප දේශපාලන පක්ෂයක උවමනාවන් සපුරාලමිනි. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් අතර මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා ඉතිහාසගත වූයේ ඒ අනුවයි. එද මෙදා තුර ශ්‍රේෂ්ඨ නායකයන් රැසකගේ සෙවන ලැබූ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරටය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු සංවත්සරය මෙයයි. සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වන එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ වැරදුනු තැන් නිවරදි කරගනිමින් දැවැන්ත සංවර්ධනාත්මක ප්‍රවේශයක් වෙත යාමට එක්සත් ජාතික පක්ෂයට මේ වන විට කාලය උදා ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2022 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්