දශක ගණනාවකට පසු සද මතට මෙහෙයුමක් ආරම්භ කිරීමට නාසා ආයතනය සියල්ල සූදානම් කර තිබෙනවා.
පසුගිය සදුදා දිනයේදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබුණද පැවති අයහපත් කාලගුණය සහ තාක්ෂණික ගැටලු නිසා එය කල් දමනු ලැබුවා. ෆ්ලෝරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි අභ්‍යවකාශ යානය උඩුගුවනට යැවෙන්නේ.
හෙට දිනයේ ග්‍රිනිච් වේලාවෙන් පස්වරු හයයි දාහතට පමණ රොකට්ටුව උඩු ගුවනට යැවීමට නියමිතයි. මෙම අවස්ථාවේදී යානය තුල මිනිසුන් රැදවීමට නාසා ආයතනය අපේක්ෂා කරන්නේ නැහැ. අත්හදා බැලීමෙන් පසු 2024 වසරේදී මිනිසුන් සහිතව යානය සද මතට යැවීමට නියමිතයි.