අතුරු අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත එනම් අතුරු අයවැය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.අගෝස්තු 03 වන දා නව වෙනි පාර්ලිමේන්තුවේ තුන් වන සභාවාරය ආරම්භ කෙරුණා. ඒ අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තම ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරමින් නව අයවැයක් ගෙන එන බව සඳහන් කළා. නව රජයක් ලෙස 2022 මුදල් වසරේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත මීට පෙර ඉදිරිපත් කළ විසර්ජන පනතට සංශෝධනයක් ලෙසයි ඉදිරිපත් කෙරුණේ. එම අය වැය තුළින් යෝජනා රැසක් ඉදිරිපත් කෙරුණා. සංශෝධිත විසර්ජන පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අදත් පැවැත්වෙනවා. පස්වරුවේයි ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තුන්වන වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතයි.