බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ.
ඔහු වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්. ටී 56 වර්ගයේ ගිනි අවියක් ඝාතනයට යොදා ගෙන ඇති බවට සැක පළ කරන පොලීසිය මෙය අම්බලන්ගොඩ පොලිස් වසමේ පසුගිය දිනවල සිදු වූ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධතාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සැක පළ කරනවා.