අපනයනය සීමා කර ඇති අබලි ලෝහ මෙට්‍රික් ටොන් 140කට අධික ප්‍රමාණයක් නීති විරෝධි ලෙස රටින් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේ දී රේගුවේ මධ්‍යම බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 142,265 ක බරකින් යුත් මෙම අබලි ද්‍රව්‍ය තිබූ අඩි 20 ප්‍රමාණයෙන් යුත් බහාලුම් 10 ක් රේගු භාරයට ගැණුනා. පසුගිය 26 වනදා රේගුවේ අපනයන මධ්‍යස්ථානය වෙත මෙම තොගය රැගෙනවිත් ඇති අතර බහාලුම් පරීක්ෂා කිරීමේ දී මෙට්‍රික් ටොන් 140කට අධික ඇලුමිනියම් කුට්ටි, අබලි ඇලුමිනියම්, තඹ, සුදු යකඩ සහ වානේ කොටස් ඇති බවට හෙලිකරගෙන තිබෙනවා. මෙරට පදිංචි ඉන්දීය ජාතිකයෙකු අබලි ලෝහ තොගය ඉන්දියාවට යැවීමට සූදානම් කර තිබූ බවටයි රේගුව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Rn6NGV3C4bE”]