මාරාන්තික රිය අනතුරුවලින් 2021 වසර තුළදී පමණක් ඉන්දියාවේ පුද්ගලයින් එක්ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
පසුගිය වසර තුළ දී සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 422,000කට අධික බවයි වාර්තා වන්නේ.
2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී රිය අනතුරු සියයට 16.8 කින් පමණ ඉහළ ගොස් ඇති බවද සදහන්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ උත්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වන අතර එම සංඛ්‍යාව 24,711 ක් ලෙස සටහන් වනවා. එමෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයෙන් මරණ 16,685 ක් වාර්තා වනවා. 2020 වසරේ දී රිය අනතුරු 368,828 ක් සිදුව ඇති අතර 2021 වසරේ දී එය 422,659 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 403,116 ක් මාර්ග අනතුරු ලෙස ද 17,993 ක් දුම්රිය මාර්ගයන් හි සිදුවූ අනතුරු ලෙස ද 1,550 ක් දුම්රිය හරස් මාර්ගයන්හි සිදුවූ අනතුරු ලෙසත් ඉන්දීය ජාතික අපරාධ කාර්යාංශය සදහන් කරනවා. තමිල්නාඩු, මධ්‍ය ප්‍රදේශ්, උත්‍රා ප්‍රදේශ්, මහාරාශ්ට්ර හා කේරල යන ප්රාන්තයන්හි සිදුවූ රිය අනතුරු 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවද සදහන්. 2021 වසරේ දී මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 173,860 ක් වන අතර තුවාල ලබා ඇති සමස්ත සංඛ්‍යාව 373,884 ක්.