පසුගිය මැයි 9 වනදා කඩුවෙලදී බස් රථයකට පහරදී ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙල පොලිසිය විසින් කඩුවෙල නගරයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 19, 20, 29 සහ 40 යන වයස්වල පසුවන කඩුවෙල ප්රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.