නිදන් හෑරිමට උපයෝගී කරගත් රුපියල් ලක්ෂ තිහක් වටිනා ජෙනරේටර් තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනිමට වන ජීවී නිලධාරීන් සමත් වුණා.
පොළොන්නරුව ගිරිතලේ මින්නේරිය රක්ෂිතයේ දිය බෙදුම පේක්කුලම ප්‍රදේශයේ පුරා විද්‍යා නටඹුන් සහිත ස්ථානයක පිරිසක් කැණීම් සිදුකරන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා. එම ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටයි වනජීවී නිලධාරින් කටයුතු කළේ. කැණීම් සිදුකළ සැකකරුවන් පළා ගොස් තිබු අතර රුපියල් ලක්ෂ තිහක් වටිනා ජෙනරේටර් තුනක් ඇතුළු තවත් උපකරණ තොගයක් තම භාරයට ගැනීමට වන ජීවි නිලධාරීන්ට හැකි වුණා. එම උපකරණ බකමූණ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමටයි වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇත්තේ.