fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට චීනයේ සහය අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2022 13:32

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට චීනයේ සහය අඛණ්ඩව

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ඉන් මිදීමට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් මහතා පවසනවා. මෙම අර්බුදය එක් රැයකින් අවසන් නොවුනත් කෙටි සාධාරණ කාලයක් තුළ ඉන් මිදීමට ශ්‍රී ලංකාවට හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

චීන තානාපතිවරයා මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ මෙම අදහස් පළකළා. අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැකීමෙන් පසු චීන තානාපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ වෙනස්කම් සිදුවුවද චීන මිත්‍රත්වයට ඉන් කිසිදු බලපෑමක් සිදුනොවූ බවයි චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2022 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්