පෞද්ගලික බස් රථ, පාසල් බස් සහ වෑන් රථ සදහා ඉන්ධන අවශ්‍ය තරම් ලැබී ඇති බැවින් හෙට සිට සුපුරුදු පරිදි ධාවනයට එක්කළ හැකි බව එම බස් රථ සංගම් පවසනවා.
කෙසේ වෙතත් ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි පිරවුම්හල් වෙත නොලැබීම හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් ඩීසල් පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලු ඉන්ධන තොග කිසිදු හිගයකින් තොරව බෙදැහැරීම සදහා අවශ්‍ය තරම් තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ නිවේදනය කළා. සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති බැවින් අඛණ්ඩ ඉන්ධන නිෂ්පාදනය සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සදහන් වුණේ.
ඉන්ධන බෙදාහැරීම කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු ද පිරවුම්හල්වල තදබදය අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉන්ධන හිගයක් නොමැතිව බෙදා හැරීමට සංස්ථාව කටයුතු කරන බවද නිවේදනයේ සදහන්. රට පුරා පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ප්‍ර දේශවල බස් ධාවනය ද අඩාල වී තිබෙනවා.