ලෝකයේ සාගර සහ සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇතිකර ගැනීමට ගිය ලෝක සම්මුතිය පස්වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ඉහළ සමුද්‍ර සම්මුතිය ලෙස හැදින්වෙන මෙම එකගතාව සම්බන්ධයෙන් ලොව රටවල් ගණනාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පසුගිය සති දෙකක කාලය තුළ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. විවිධ රටවල් සිය ජාතික අවශ්‍යතාවන් මතු කර දක්වමින් මෙම සම්මුතියට විරුද්ධ වී තිබෙනවා.
පෘථිවියෙන් තුනෙන් දෙකක් පමණ සාගරයේ පැවතියද එයින් ආරක්ෂිතව පවතින්නේ සියයට එකයි දශම දෙකක් පමණක් බවයි මෙහිදී හෙළි වුණේ. සීමාවකින් තොරව සාගර ජීවීන් විනාශ කිරීමට එරෙහිව ප්‍රතිපත්ති මාලාවක් මෙම සම්මුතියේ ඉදිරිපත් කර තිබුණා.